නවසීලන්තයට ලකුණු 398ක ඉලක්කයක්

නවසීලන්තයට ලකුණු 398ක ඉලක්කයක්

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව ලකුණු 397ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී සිටිය දීයි.

මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Virat Kohli පන්දු 113 තුළ ලකුණු 117 රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ඔහු රැස් කළේ, සිය එක්දින දිවියේ 50 වැනි ශතකයයි.

ජගත් එක්දින පිටියේ වැඩිම ශතක ලාභියාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ද ඒ අනුව විරාට් කෝලි සමත් වුණා

මීට පෙර එම ස්ථානයේ පසු වූයේ Sachin Tendulkar වන අතර ඔහු ජගත් එක්දින පිටියේ ශතක 49ක් ලබා සිටියා.

Share This