නවසීලන්තයේ ‘සුළි කුණාටුවට පසු’ භූ කම්පනයක් (VIDEO)

නවසීලන්තයේ ‘සුළි කුණාටුවට පසු’ භූ කම්පනයක් (VIDEO)

Gabrielle සුළි කුණාටුවෙන් ඇති වූ විනාශය නිසා කුඩා දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව නවසීලන්ත බලධාරීන් පවසා තිබෙනවා.

වහල මත නැග සිටි පුද්ගලයන් 300ක් පමණ හෙලිකොප්ටර් යානාවලින් බේරාගෙන ඇති අතර පුද්ගලයින් 10,500 ක් පමණ අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එරට අගමැති ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කර තිබෙන්නේ පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.

මේ අතර, රික්ටර් මාපකයේ 6.0 ක භූමිකම්පාවක් ද වාර්තා වන අතර ඉන් සිදුවූ හානිය හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ

බොහෝ ප්‍රදේශවල අධික ගංවතුර තත්ත්වය නිසා විදුලිය විසන්ධි වී තිබෙන අතර උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ වෙරළබඩ ප්‍රදේශය, Hawke’s Bay , Coromandel සහ Northland වැනි ප්‍රදේශවලට සුළි කුණාටුවෙන් දරුණුතම බලපෑම් එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This