
නවසීලන්තය ලැබූ සුපිරි ජය
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාවට එරෙහිව අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ
සියලු ක්රීඩකයින් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.
එහිදී කුසල් පෙරේරා ලකුණු 51ක් ලබා ගනිමින් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ නමුත් අනෙක් කිසිඳු ක්රීඩකයෙකුට ලකුණු 40 සීමාව හෝ පසුකර යාමට හැකියාව ලැබුණේ නැහැ.
අනතුරුව ලකුණු 172ක ජයග්රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්රහණය වාර්තා කළා.
ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකාවට ජයගත හැකි වූයේ තරග දෙකක් පමණයි.
තරගයේ ලකුණු සටහන පහතින්…….


