නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) ක්නාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යාෂ්ටතම විනිසුරුවරයා වන සූරසේන මහතා මෙරට 49 වන අගවිනිසුරුවරයායි.

අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාමයාමෙන් පුරප්පාඩු වූ ධූරය සදහා ප්‍රීති පද්මන් සූරසේන මහතා ගේ නම ව්‍යවස්ථාදායක සභාව පසුගිය දා අනුමත කළා.

1989 දී නීතිඥයකු ලෙස දිවුරුම් දුන් ප්‍රීතිපද්මන් සූරසේන මහතා අනතුරුව නීතිපති දෙපර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥයකු ලෙස සේවය කළා.

මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් වුණේ 2007 වසරේදීයි.

2016 වසරේ දී අභියාචනධිකරණ විනිසුරු ධූරයට පත් වූ ඔහු 2018 වසරේ දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වශයෙන් පත් වුණා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් වූයේ 2019 වසරේදීයි.

එතැන් පටන් ඒ මහතා මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළා.

 

Share This