නව අධ්‍යාපන  ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය, සෞන්දර්ය හා වෘත්තීය විෂයන් හැදෑරීම අනිවාර්යයි –  අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත සමග දේශපාලනය ගාවලා අසත්‍ය  ප්‍රචාර කරන්න එපා !  අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය, සෞන්දර්ය හා වෘත්තීය විෂයන් හැදෑරීම අනිවාර්යයි – අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත සමග දේශපාලනය ගාවලා අසත්‍ය ප්‍රචාර කරන්න එපා ! අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා.

නමුත් මේ ජාතික වැඩ පිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් සිටින බව ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පෙන්වා දෙනවා.

ඇය අවධරණය කළේ ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කර ඇති බව පැවසීම අසත්‍ය එකක් බවයි.

මේ විෂයන් සම්බන්ධයෙන් විෂයේ ප්‍රවීණයන් සමග දින ග නාවක් සාකච්ඡා කර සෑම දරුවෙක්ටම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස නව ප්‍රතිසංස්කරණය සිදු කර ඇති බවයි.

ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියේ “ අපි දේශපාලනය කරමු, නමුත් අධ්‍යාපනය සහ දරුවන් ⁣ඒකට ගාව ගන්න එපා.“ යනුවෙනුයි.

“ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ එකි විෂයන් හදාරන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ.“ යනුවෙන් සදහන් කළ ඇය පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ දැනුවත් වන සියලු දෙනා සත්‍ය තත්ත්වය සමාජයට ගෙනයාමට කටයුතු කරන ලෙසයි.

Share This