නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තෝරා පත් කර ගැනුණා.

ඒ, අද (17) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් නව කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මන්ත්‍රීවරයාගේ නම යෝජනා කිරීම සිදු කළ අතර අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එය ස්ථිර කරනු ලැබුවා.

අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහායි ඔහුගේ තෝරාපත් කර ගැනීම සිදු කෙරුණේ.

Share This