
වෙනත් සංකූලතා මත නව කොවිඩ් ප්‍රභේද මරණ දෙකක්
නව කොවිඩ් ප්‍රභේදය මරණ දෙකක් – චිකුන්ගුන්‍යා හිස ඔසවයි
නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඇති වු වෙනත් සංකූලතා මත මෙරටින් නව කොවිඩ් ප්‍රභේද මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා සදහන් කළේ මෙරටින් දැනට වාර්තා වී ඇති ශ්වසන රෝගීන්ගෙන් සියයට 09ත් 13ත් අතර ප්‍රමාණයකට මෙම නව කොවිඩ් ප්‍රභේදය වැළදී ඇති බවට හෙළිව ඇති බවයි.
මේ අතර චිකුන්ගුන්‍යා රෝගීන්ගේ ශීග්‍ර ව්‍යාප්තියක් මේ වන විට පෙන්නුම් කරන බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම මාධ්‍ය හමුවේදි අවධාරණය කළා.
මහ කන්නයේ වගා කටයුතු සහ යළ කන්නයේ අස්වනු නෙළීමේ කාල සීමාව හේතුවෙන් රත්නපුර කුරුණැගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වල මී උණ රෝගය ව්‍යාප්තියේ වර්ධනයක් අපේක්ෂා කරන බව වසංගත රෝග විද්‍යායතනය අවධාරණය කරනවා.