
නව තනාපතිවරුන් 05 කට ,මහකොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබද කාරක සභාව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම අනුමත කර තිබෙනවා.
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස චාමින්දා ඉනෝකා කොළොන්නේ මහත්මිය ගේ නම අනුමත වී ඇති අතර මාලදිවයින් ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස මොහොමඩ් රිස්වි හසන් මහතාට උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති ලෙස යෝජනා කර තිබුණේ එල්.ආර්.එම්. එන්.පී.බී.ජී.කදුරුගමුව මහතායි.
නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රුවන්ති දෙල්පිටිය මහත්මියට උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
දකුණු කොරියාවේ තානාපති ලෙස නම් කර ඇත්තේ මාරිමුත්තු කේ පද්මනාදන් මහතායි.
මීට අමතරව ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවියගේ නම උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතියට ඉදිරිපත් කර තිබුණා.