නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද

නව පාප් වහන්සේ තෝරා පත්කරගැනීම අද

267 වන පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා කාදිනල්වරුන් 133 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ඇත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරන අතර නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතු වනවා.

Share This