
නව විදුලි මිල සංශෝධනය නිසා භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් අඩු කළ හැකියි
විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.
නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී ඇත්තේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට බව පෙන්වාදුන් කංචන විජේසේකර මහතා මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කළේ.
ඉදිරියේදී තවදුරටත් විදුලි ගාස්තු පහත හෙළිමට හැකියාව පවතින්නේ ජනන ගාස්තු අඩු කර ගැනීමෙන් පමණක් බව ඔහු ප්‍රකාශ කළා.
ඒ සඳහා අඩු වියදම් බලාගාර සීඝ්‍රයෙන් ඇති කළ යුතු අතර මෙම නව බලාගාර ඉදිරි වසර තුන ඇතුළත ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බැවින් ඉදිරි අවුරුදු තුනෙන් පසුව මීටත් වඩා විදුලි ගාස්තු අඩු කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.