නව සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔට්ටුසුඩාන් උළු කර්මාන්ත ශාලාව වැඩ අරඹයි
උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෙසු ප්‍රදේශ වල පවතින ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු දින 30 ක් ඇතුළත නැවත ආරම්භ කරන බව ලංකා පිගන් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඩිල්ෂාන් වීරසිංහ මහතා පවසනවා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා පිඟන් සංස්ථාවට අයත් අම්පාර එරියගම පිහිටි උළු නිෂ්පාදන කර්මාන්තශාලාවේ යන්ත්‍රෝපකරණ නවීකරණය කර එහි නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට මෙහිදී කටයුතු කරන බව සඳහන්.
තවද උළු හා ගඩොල් නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දී එම අංශයේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමට හා පිඟන් ගඩොල් කර්මාන්තශාලාවක් ආරම්භ කර පිඟන් ගඩොල් නිෂ්පාදනය ආරම්භ කිරීමටත් කටයුතු කරන බවද නව සභාපතිවරයා පවසා සිටියා.
එසේම “ලංකා පෝසිලෙන්” නාමය යටතේ ඉදිරියේදී නාන කාමර උපාංග නිෂ්පාදනය කිරීමටද කටයුතු කරන බවයි ලංකා පිගන් සංස්ථාවේ නව සභාපතිවරයා සඳහන් කර සිටියේ.