නාගොඩ රෝහලේ හෙට සෞඛ්‍ය ඇමතිගේ මැදිහත්වීමෙන් සිදුවෙන වෙනස

නාගොඩ රෝහලේ හෙට සෞඛ්‍ය ඇමතිගේ මැදිහත්වීමෙන් සිදුවෙන වෙනස

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු රැසක් හෙට (20) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුත් අතිනවීන CT Scan යන්ත්‍රය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. මීට අමතරව අලුත්වැඩියා කටයුතු සිදු කරන ලද 05 වාට්ටුව, මනෝ චිකිත්සක වෛද්‍ය සායනය සහ 38 වාට්ටුව ද විවෘත කිරීමට නියමිතයි.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ස්ථාපිත කර තිබූ CT Scan යන්ත්‍රය වසර 20 ක් පමණ පැරණි යන්ත්‍රයක්.

දිනකට CT Scan පරීක්ෂණ 20 ක පමණ අවශ්‍යතාවයක් ඇති නාගොඩ රෝහලේ පැරණි CT Scan යන්ත්‍රය දැනට වසර 02 ක පමණ කාලයක සිට අක්‍රීය තත්ත්වයේ පැවතුණා

කළුතර දිස්ත්‍රික්කයටම CT Scan පරීක්ෂණ සිදු කර ගැනීම සදහා පහසුකම් ඇත්තේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සහ හොරණ රෝහලේ පමණක් වීම ද විශේෂත්වයක්.

එමෙන්ම නව ඖෂධ ගබඩාව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත කිරීමට නියමිත අතර, මෙම ඖෂධ ගබඩාව වෛද්‍ය නිල නිවාසයක් අළුත්වැඩියා කර සකස් කරන ලද ගොඩනැගිල්ලක පිහිටුවා තිබෙනවා.

 

Share This