නාමල් කුරුණෑගලින් තරග කරන බව පුවත අසත්‍යයි

නාමල් කුරුණෑගලින් තරග කරන බව පුවත අසත්‍යයි

ඉදිරි මහ මැතිවරණයට සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව එහි දැක්වෙන්නේ සිය දේශපාලන ආරම්භය ලබා ගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සමග ඉදිරියටත් අඛණ්ඩව දේශපාලනයේ නිරතවන බවයි

එමෙන්ම මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක සහ ඊට අදාළ අවසන් එකඟතාවයන් පක්ෂය තීරණය කර නොමැති බවද එහි දැක්වෙනවා

Share This