නායකත්වයෙන් ඉවත් වූ බාබර්

නායකත්වයෙන් ඉවත් වූ බාබර්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් සියලුම ආකාරයේ තරගවල නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

2019 වසරේ දී 20යි 20, එක්දින සහ ටෙස්ට් නායකත්වයට තේරී පත් වූ බාබර් අසාම් ඉන් ඉවත්වීමට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ, මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී දැක්වූ අඩු දක්ෂතා හේතුවෙන්.

එම නිසා තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට පාකිස්ථානයට සිදු වුණා.

මීට දින කිහිපයකට පෙර පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට තේරීම් කමිටුවට සහ කණ්ඩායමේ සියලු පුහුණුකරුවන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබූ බවයි පැවසෙන්නේ.

Share This