
නාරාහේන්පිට නීති විරෝධී විදෙස් දුම්වැටි ජාවාරමක්
කලක් තිස්සේ නාරාහේන්පිට සිදුකරගෙන ගිය නීති විරෝධී විදෙස් දුම්වැටි ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කොලඹ දකුණ අපරාද කොට්ඨාශය සමත්වී තිබෙනවා.
උපාය දූතයෙකු යොදවා කල වැටලීමකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි කොලඹ දකුණ අපරාද කොට්ඨාශය සඳහන් කලේ.
එහිදී රුපියල් ලක්ෂයක් පමණ වටිනා විදෙස් දුම්වැටි තොගයක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.
නාරාහේන්පිට තිඹිරිගස්යායා ප්‍රදේශයේ වෙළඳසලක මෙලෙස විදෙස් දුම්වැටි අලෙවිකර තිබුණා.
නාරාහේන්පිට තිඹිරිගස්යාය ප්‍රදේශයේ සැකකරුගේ වෙළඳසැලේ එම නීතිවිරෝධී දුම්වැටි අලෙවිකරන අවස්ථාවේදියි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.