නාස්තිකාර සහ සමාජීය වශයෙන් අසාධාරණ සහනාධාර ඉවත් කරන්න -IMF ටියුනීසියාවට දන්වයි-

නාස්තිකාර සහ සමාජීය වශයෙන් අසාධාරණ සහනාධාර ඉවත් කරන්න -IMF ටියුනීසියාවට දන්වයි-

ටියුනීසියාව සඳහා ලබාදීමට ප්‍රමාද වූ අමෙරිකානු ඩොලර් මිලියන 1.9ක ණය මුදල වෙනුවෙන් අවශ්‍ය කොන්දේසි සපුරාලීමට නව යෝජනා ඉදිරිපත් කර ඇති නමුත් එරට නාස්තිකාර සහ සමාජීය වශයෙන් අසාධාරණ සහනාධාර ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි මැද පෙරදිග සහ මධ්‍යම ආසියාවේ අධ්‍යක්ෂ Jihad Azour මේ බව ප්‍රකාශ කර ඇති අතර අදාළ ණය මුදල ලබාදීම සඳහා මූලික කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කිරීමට පෙර අසාධාරණ සහනාධාර වෙනස් කළ යුතු බවයි ඔහු පෙන්වාදෙන්නේ.

ඉන්ධන සහනාධාර ප්‍රධාන වශයෙන් ටියුනීසියාවේ ධනවත් ප්‍රජාවට ද ලබාදෙන අතර ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවක එය “මූල්‍ය නාස්තියක්” වන බව Jihad Azour සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් නුදුරේදීම ටියුනීසියාව වෙත පැමිණීමට නියමිත අතර එහිදී එරට කාලීන වශයෙන් වැදගත් වන මෑතකාලීන ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් විමසා බලනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This