
නැගෙනහිර පර්යන්තයේ 50% ක් වැඩ මේ වසරේ අවසන් කරනවා – ඇමති බිමල්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 50%ක මෙහෙයුම් කටයුතු මෙම වසරේ දී අවසන් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරනවා.
ඉදිවෙමින් පවතින කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.
විවාදයට තුඩු දුන් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා එක්වුණා.