නැව් ගමනාගමනයට එල්ලවූ හවුති ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය හමුදා ක්‍රියාමාර්ගයක් ගැන ඉඟි කරයි

නැව් ගමනාගමනයට එල්ලවූ හවුති ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය හමුදා ක්‍රියාමාර්ගයක් ගැන ඉඟි කරයි

රතු මුහුදේ නැව් ගමනාගමනයට මෙතෙක් එල්ල වූ විශාලතම ප්‍රහාරය මැඩපැවැත්වීමෙන් පසු යේමනයේ Houthi කැරලිකරුවන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත හැකි බවට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඉඟි කර තිබෙනවා .

පසුගිය අඟහරුවාදා (09) රාත්‍රියේ ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායම විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල 21ක් ජෙට් යානා සහ යුධ නැව් විසින් වෙඩි තබා බිම හෙළා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Houthi ප්‍රහාර වහා නතර කරන ලෙස බලකරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (10) යෝජනාවක්ද සම්මත කරනු ලැබුවා

මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට තම යාත්‍රා ආරක්ෂා කිරීමට ඇති අයිතිය අනුමත කර ඇති අතර Houthi කැරලිකරුවන් එයට පිළිකුලෙන් යුතුව ප්‍රතිචාර දක්වා ඇති බව සඳහන්

ඔවුන්ගේ ප්‍රකාශක මොහොමඩ් අලි අල්-හූති මෙම යෝජනාව හැඳින්වූයේ දේශපාලන ක්‍රීඩාවක් ලෙසිනුයි .

එමෙන්ම වැඩිදුරටත් පවසා තිබෙන්නේ ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලයේ යුද්ධයට විරෝධය පළ කරමින් ඔවුන් ඊශ්‍රායලයට සම්බන්ධ යාත්‍රා ඉලක්ක කරන බවයි

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ යෝජනාවෙන් Houthi කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ගෝලීය වාණිජ්‍යයට බාධා කරන සහ නාවික අයිතිවාසිකම් සහ නිදහස මෙන්ම කලාපීය සාමය සහ ආරක්ෂාව අඩපණ කරන එවැනි ප්‍රහාර වහාම නතර කරන ලෙසයි.

රටවල් එකොළහක් එයට ඡන්දය දුන් නමුත් රුසියාව, චීනය, මොසැම්බික් සහ ඇල්ජීරියාව ඡන්දය දීමෙන් වැළකී සිටි බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ජාත්‍යන්තර නාවික මණ්ඩලය පවසන්නේ ලෝකයේ බහාලුම් නෞකාවලින් 20%ක් මේ වන විට රතු මුහුද මඟහරිමින් අප්‍රිකාවේ දකුණු කෙළවර වටා ඇති දිගු මාර්ගය භාවිත කරන බවයි.

Share This