
නියමිත දිනට පුංචි ආණ්ඩු ඇරඹීම අර්බුදයක (VIDEO)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වී සති දෙකක පමණ කාලයක් ගත වී තිබුණද මේ වන තෙක් ඇතැම් පක්ෂ විසින් නාමයෝජනා ලැයිස්තු ලබා දී නොමැති බැවින් අර්බුදකාරී වාතාවරණයක් මතුව තිබෙනවා.
ඒ, නියමිත දිනට පළාත් පාලන ආයතන ආරම්භ කිරීමට මතුව ඇති අර්බුදය හේතුවෙන්.
ඒ අනුව නියමිත දිනට ජුනි 2 වනදා පළාත් පාලන ආයතන ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන්.
සභික ලැයිස්තු පක්ෂ විසින් යොමු කිරීමෙන් අනතුරුව එම නාමලේඛන ගැසට් කිරීම සිදුකළ යුතුව පවතිනවා.
පසුව පළාත් පාලන කොමසාරිස්වරුන්ට සභාව ආරම්භ කිරීමට බලය හිමි වනවා.