
නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ස්විට්සර්ලන්තයට
ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු නියෝජිතයින් අද (01) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියා
මෙම සමුළුවේ 113 වැනි සැසිවාරය හෙට (02) සිට ලබන (12) වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි
වැඩ ලෝකයේ පවතින පුළුල් පරාසයක පැතිරුණු ගැටළු රැසක් පිළිබඳව මෙවරත් සමුළුවේදී අවධානයට ලක් කිරීමට නියමිත බව සඳහන්
එමෙන්ම වැඩ බිමේදී ජීව විද්‍යාත්මක උපද්‍රවවලින් ආරක්ෂා වීම, අවිධිමත්භාවය මැඩපැවැත්වීම සහ විධිමත් වැඩ ප්‍රවර්ධනය කිරීම සඳහා නවමු ප්‍රවේශයන්, (2025) දී සමාජ සංවර්ධනය සඳහා වූ දෙවන ලෝක සමුළුවට ත්‍රෛපාර්ශ්වික දායකත්වය, සමුද්‍රීය කම්කරු සම්මුතිය සඳහා සංශෝධන ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙවර ජාත්‍යන්තර කම්කරු සැසිවාරයේදී සාකච්ඡාවට ලක් කෙරෙනවා
මේ සඳහා ලොව පුරා සාමාජික රටවල් 187ක විෂයභාර මැති ඇමතිවරුන්, කම්කරු නායකයින් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගී වනු ඇති