නිව් යෝර්ක් නගරයේ ස්ථාන කිහිපයක් වේගයෙන් ගිලීයන බවට නාසා වාර්තාවක් හෙළි කරයි

නිව් යෝර්ක් නගරයේ ස්ථාන කිහිපයක් වේගයෙන් ගිලීයන බවට නාසා වාර්තාවක් හෙළි කරයි

නිව් යෝර්ක් නගරයේ ස්ථාන කිහිපයක් වේගයෙන් ගිලෙමින් පවතින බව නව නාසා වර්තාවක් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව ලාගාර්ඩියා ගුවන්තොටුපළ, ආතර් අෂේ ක්‍රීඩාංගනය සහ කෝනි අයිලන්ඩ් ගිලෙමින් පවතින ස්ථාන අතර ඇති බවයි NASA හි Jet Propulsion Laboratory සහ Rutgers විශ්ව විද්‍යාලය විසින් කරන ලද පර්යේෂණ වාර්තාවේ දැක්වෙන්නේ

එය වාර්ෂිකව මිලිමීටර් 1.6 ක වේගයකින් ගිලා බසින බව සඳහන්

තවද, නගරය ගිලා බැසීමේ තර්ජනය මුහුදු මට්ටම ඉහළ යාමෙන් තව දුරටත් වැඩි වී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ

නිව් යෝර්ක් නගරයේ මිලියනයකට වඩා වැඩි ගොඩනැගිලිවල බර රාත්තල් ට්‍රිලියන 1.7කට ආසන්න බවත් නගරය ක්‍රමයෙන් එහි බර හේතුවෙන් යටවෙමින් පවතින බවත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය මේ වසර මුලදී සොයා ගැනීමෙන් පසුව වාර්තාවක් ද නිකුත් කළා

Share This