නිවෙස්වල මිය ගිය හතකගේ සිරුරු රෝහලට – සියල්ලන්ම මිය ගොස් ඇත්තේ කොවිඩ් නිසා බව පසුව හෙළිවේ
පෙරේදා (25) දිනයේ නිවාස තුළදී මියගොස් සිටි 07 දෙනකුගේ සිරුරු හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා ගම්පහ දිස්ත්රික් මහ රෝහල වෙත ගෙනැවිත් ඇති අතර එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත වීමෙන් ඔවුන් සියල්ලන් මියගොස් තිබූ බව හෙළිව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අද (27) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ද කරුණු සඳහන් කළා.
පසුගිය 24 වැනිදා රාත්රියේදී නිවෙස් තුළදීම මියගොස් සිටි පිරිමි පුද්ගලන් තිදෙනකු සහ කාන්තාවන් සිවු දෙනකු මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබූ බවට හදිසි මරණ පරීක්ෂකවරයා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
මියගිය පිරිමි පුද්ගලයන් තිදෙනා අවුරුදු 51, 71 සහ 83 වියේ පසුවන්නන් බවත් කාන්තාවන් සිවුදෙනා අවුරුදු 79, 80, 88 සහ 89 යන වියේ පසුවන්නන් බවත් හෙතෙම සඳහන් කර තිබුණා.
ගණේමුල්ල පොලිස් වසමේ පදිංචි සිවුදෙනකුත්, ගම්පහ, වැලිවේරිය සහ බෙම්මුල්ල යන පොලිස් වසම්වල පදිංචි තිදෙනකුත් මෙසේ මිය ගොස් තිබෙනවා.