
නිළි රැජිනගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේ දී (PHOTOS)
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අනිද්දා (26) නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට තීරණය කර තිබෙනවා
එතුමියගේ දේහය හෙට (25) පෙරවරු 10.00 සිය රජයේ චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමටයි සැලසුම් කර ඇත්තේ
මේ අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර එතුමියගේ පවුලේ සමීපතම ඥාතීන් වෙත සිය ශෝකය පළ කිරීම සඳහා අද (24) එතුමියගේ මාදිවෙල පිහිටි නිවෙසට ගොස් තිබෙනවා