නීතිය බලාත්මක කිරීමේ දී මනා සන්නිවේදනයක් පවත්වාගන්න චීනය සහ අමෙරිකාව අතර එකඟතා

නීතිය බලාත්මක කිරීමේ දී මනා සන්නිවේදනයක් පවත්වාගන්න චීනය සහ අමෙරිකාව අතර එකඟතා

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය Wang Xiaohong මහතා, අමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් Alejandro Mayorkas මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති එම සාකච්ඡාවේදී අන්‍යෝන්‍ය ගෞරවය, ගැටලු කළමනාකරණය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතාවයට අනුගත වෙමින් දෙපාර්ශ්වයේ රාජ්‍ය නායකයින් දෙදෙනාගේ වැදගත් එකඟතාවයන් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කළ යුතු බව Wang Xiaohong මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එමෙන්ම මත්ද්‍රව්‍ය පාලනය, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ආපසු ගෙන්වා ගැනීම සහ ඒකපාර්ශ්වික සිද්ධි සඳහා වන සහයෝගිතාවය ආදී ක්ෂේත්‍රවල මේ වනවිට පැහැදිලි ප්‍රතිඵල රැසක් ළඟා කර ගෙන ඇති බවයි ඔහු එහිදී පෙන්වාදී ඇත්තේ.

චීනය සෑම මට්ටමකින්ම අමෙරිකාව සමග මනා සන්නිවේදනයක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර ඇති ඔහු දෙරට අතර ස්ථාවර සහ දීර්ඝකාලීන නීතිය බලාත්මක කිරීමේ සහයෝගිතාව සඳහා ප්‍රවේශ වීමට ද කැමැත්තෙන් පසුවන බව සඳහන් කර තිබෙනවා.

මෙහිදී අමෙරිකාව චීනයේ වැඩපිළිවෙළට සහාය දෙමින් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින බාධා ඉවත් කිරීමට අවධානය යොමු කළ යුතු අතර අවසන් වශයෙන් නීතිය බලාත්මක කිරීම පිළිබඳ ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය පවත්වා ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This