නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් විනාශ කිරීමට සැරසෙයි

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් විනාශ කිරීමට සැරසෙයි

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබෙනවා

ඒ අනුව මෙම වසරේ මුල් මාස 6 තුළ සිදුකරන ලද මෙහෙයුම්වලදීයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී එම දුම්වැටි සොයා ගෙන තිබුණේ

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 75 කට අධික වන අතර ශ්‍රී ලංකා රේගුවේ අධීක්ශනය යටතේ ලංකා දුම්කොළ සමාගම විසින් ඒවා විනාශ කිරීම සිදු කරනු ඇතී

ඒවා නීති විරෝධිව ආනයනය කිරීම මගින් වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480 කට අධික බව සඳහන්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙම දුම්වැටි තොගය ආනයනය කර ඇත්තේ ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් යොදාගෙන බවයි අනාවරණය වී ඇත්තේ

රේගු ආඥා පනත යටතේ ජාවාරම්වලට සම්බන්ධ මගීන්ට දඩුවම් ලබාදීමෙන් අනතුරුව මෙම දුම්වැටි රාජසන්තක කර ඇති අතර පාරිසරික ආරක්ෂාව මූලික කරගත් ජාතික නීතිවලට අනුකූල දැඩි රෙගුලාසි යටතේ විනාශ කිරීම සිදු කෙරෙනවා

Share This