නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළට එවා තිබුණා.

වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් එරට විවිධ රැකියා වල නිරත වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන සිර ගෙවල් සහ රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තබා සිටීමෙන් පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද මැදිහත් වීම මත මෙසේ ආපසු එවා තිබුණා.

පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී විසින් ඔවුන්ට සිය ගම් – බිම් බලා යාමට අවශ්‍ය මුදල් ලබා දී පිටත් කර හැරීමටයි පියවර ගෙන තිබුණේ.

Share This