නීති කඩා සාද පැවැත්වූ ’78කින් 24කට’ කොවිඩ්

නීති කඩා සාද පැවැත්වූ ’78කින් 24කට’ කොවිඩ්

යාපනයේ, සන්දිලිපායි ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙනවා.

78 දෙනෙකු මෙම උත්සවයට සහභාගී වී ඇති අතර සෙසු පුද්ගලයින් තවත් දින දාහතරක කාලයක් නිරෝධානයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත් බව වාර්තා වනවා.

පුද්ගලයින් 15 දෙනෙකු පමණක් සහභාගී වන බවට අවසර ලබා ගෙන පුද්ගලයින් 78කට අසන්න පිරිසක් පිරිසක් මේ විවාහ මංගල උත්සවයට සහභාගී වි සිටියදී පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් එම නිවස වටලා ඊට සහභාගී වූවන් නිරෝධායනය කිරීමට මීට දින කීපයකට පෙර පියවර ගත්තා.

Share This