
නුවර පරදා කොළඹ ජය ගනියි
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ 18වන තරගයේ ජය වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 09 කින්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම ලකුණු 169 ක් ලබා ගත්තා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී සිටියදීයි
පිළිතුරු ඉනිම සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය B-Love Kandy කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි
තරගයේ ලකුණු සටහන පහතින්.


