නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට පත් වෙයි

නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට පත් වෙයි

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ප්‍රථම ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය වන සොලේකා මැන්ඩෙලා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඇය වයස අවුරුදු 43 දී පිළිකා රෝගයකින් මිය ගිය බවයි ඇගේ පවුලේ අය නිවේදනය කර ඇත්තේ

මෑත වසරවලදී ඇය සිය පිළිකා ප්‍රතිකාර පිළිබඳ ප්‍රසිද්ධියේ සඳහන් කළ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ මානසික අවපීඩනය පිළිබඳවද ඇය විවෘතව ප්‍රකාශ කළ බවයි පැවසෙන්නේ

2010 වසරේදී ඇගේ 13 හැවිරිදි දියණිය රිය අනතුරකින් මිය ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This