
නේපාලයට ලකුණු 343ක ඉලක්කයක්
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 342ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී සිටිය දීයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සම සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඒ අනුවයි ඔවුන් පළමුව පන්දුවට පහර දුන්නේ.
ඒ අනුව නේපාල කණ්ඩායමට ලකුණු 343ක ඉලක්කයක් හිමි වනු ඇති.
මේ අතර, ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.
අද තරගයේ ලකුණු සටහන පහතින්.

