
නේපාලයේ නව අගමැති කේ.පී ශර්මා
නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කේ.පී ශර්මා ඔලී තේරී පත් වී තිබෙනවා.
එරට අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගියදා පරාජයට පත්වීම හේතුවෙන් කේ.පී ශර්මා ඔලී එම ධුරය සඳහා පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
72 හැවිරිදි වියේ පසුවන ශර්මා මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය හොඹවා තිබෙනවා.
නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය අද (15) දිවුරුම් දීමට නියමිතයි.