නේපාල ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් අය සොයා තවදුරටත් මෙහෙයුම් -එරට අද ජාතික ශෝකී දිනයක් ලෙස නම් කෙරේ (VIDEO)

නේපාල ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් අය සොයා තවදුරටත් මෙහෙයුම් -එරට අද ජාතික ශෝකී දිනයක් ලෙස නම් කෙරේ (VIDEO)

නේපාලයේ සිදුවූ ගුවන් ව්‍යසනයෙන් දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ බලාපොරොත්තු බොඳ වෙමින් පවතින බව එරට පොලිසිය සඳහන් කර තිබෙනවා.

ඊයේ (15) උදෑසන කත්මණ්ඩු නුවර සිට සංචාරක නගරයක් වන Pokhara බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 72ක් සිට ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

නේපාල සොල්දාදුවන් සිය ගණනක් සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන අතර පොලිස් නිලධාරීන් 300ක්ද යොදවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නේපාලයේ අගමැතිවරයා විසින් අද (16) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර, ආපදාවට හේතුව සොයා බැලීමට එරට රජය කමිටුවක්ද පත් කර තිබෙනවා.

 

Share This