නොබෙල් සාම ත්‍යාගය දිනාගත් ජපන් පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් කණ්ඩායම

නොබෙල් සාම ත්‍යාගය දිනාගත් ජපන් පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් කණ්ඩායම

ජපානයට එල්ල කළ පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් ජපන් කණ්ඩායමක් වන Nihon Hidankyo 2024 නොබෙල් සාම ත්‍යාගය දිනාගෙන තිබෙනවා.

හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අයගෙන් සැදුම් ලත් මෙම සංවිධානය, 1956 දී ආරම්භ කරන ලද අතර, න්‍යෂ්ටික අවි ලෝකයෙන් මුදවා ගැනීමට දරන උත්සාහයන් වෙනුවෙන් නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් පිළිගෙන ඇති බව සඳහන්.

නොබෙල් කමිටුවේ සභාපති Joergen Watne Frydnes පවසා ඇත්තේ මෙම කණ්ඩායම න්‍යෂ්ටික තහනම ස්ථාපිත කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇති බවයි.

මෙහිදී නැවත කිසි දිනෙක න්‍යෂ්ටික අවි භාවිතා නොකළ යුතු බව සහතික කිරීම සඳහා කණ්ඩායම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි භාවිතා කිරීම පැසසුමට ලක් කළ බවද සඳහන්.

Share This