නොරොච්චෝල බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ඉදිරි දෙදින තුළ යළි ජාතික පද්ධතියට (VIDEO)
නොරොච්චෝල බලාගාරය සඳහා ආනයනය කළ ගල්අඟුරු මෙට්‍රික්ටොන් 60,000ක් රැගත් තවත් නෞකාවක් අද (07) මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.
එමෙන්ම ඊයේ (06) දිනයේ පැමිණි ගල් අඟුරු මෙට්‍රික්ටොන් 60,000ක් රැගත් නෞකාවේ ගොඩබෑමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන්.
ඒ අනුව නොරොච්චෝල බලාගාරයේ අක්‍රීයව පවතින දෙවන ජනන යන්ත්‍රය ඉදිරි දෙදින තුළ යළි ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියේ.