
පක්ෂයේ තීරණවලට අනුකූල නොවූ සජබයේ සභිකයන් දෙදෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටවයි
කොලොන්නාව සහ කන්දකැටිය යන ප්‍රාදේශීය සභාවල සභාපති හා උප සභාපති පත්කිරීමේදී සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් සභිකයන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව සමගිජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී කටයුතු නොකිරීම හේතුවෙන් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ සහ කොළොන්නාව නගර සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේදි කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොළොන්නාව නගර සභාවේ නාරාහේන්පිටගේ සුසිල් කුමාර කොස්තා යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.