පච්චයක් නිසා මළ සිරුරක් හඳුනා ගැනීමට හැකිවෙයි

පච්චයක් නිසා මළ සිරුරක් හඳුනා ගැනීමට හැකිවෙයි

බෙල්ජියමේදී සිදුවූ ඝාතනය වූ එක්සත් රාජධානියේ කාන්තාවක් වන Rita Roberts වසර 31කට පසු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Interpol පොලිස් ආයතනය පවසන්නේ Ritaගේ තිබූ සුවිශේෂී පච්චය නිසා ඇයව හඳුනා ගැනීමට හැකිවූ බවයි.

Interpol පොලිස් ආයතනය ඡායාරුපයක් මෙම විමර්ශනයට යොදාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

31 හැවිරිදි Rita ඇයගේ පවුලේ අය සමඟ අවසන් වරට සම්බන්ධ වී ඇත්තේ 1992 මැයි මාසයේදී තැපැල් පතක් හරහායි.

පසුව ඇයගේ සිරුර ජුනි මාසයේදී බෙල්ජියමේදී සාහසිකව ඝාතනය කර ගඟක ඇති දැලක පැටලී තිබියදී හමුවී තිබෙනවා.

ඇයගේ පවුලේ අය පැවසුවේ කාලයකට පසුව හෝ මරණයේ තොරතුරු අනාවරණය කර ගැනීම පිළිබඳව කෘතඥ වන බවයි.

Operation Identify Me නමින් යුරෝපයේ ඝාතනයට ලක් වූ අය ගැන තොරතුරු විමර්ශනය කිරීමට මෙම වසර මුලදී වැඩසටහනක් දියත් කර තිබෙනවා.

එමගින් කාන්තාවන් විසි දෙදෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර Rita මහත්මියව පමණයි දැනට හඳුනා ගැනීමට හැකිවී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇති වින්දිතයන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 15 ත් 30 ත් අතර වයස්වල පසුවූ අය බවද සඳහන්.

Share This