පත්මෙයි – සලින්තයි ගැන තවම හරි හැටි තොරතුරක් නැහැ.- සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් තායිලන්තයට සහ මැලේසියාවට (VIDEO)

පත්මෙයි – සලින්තයි ගැන තවම හරි හැටි තොරතුරක් නැහැ.- සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් තායිලන්තයට සහ මැලේසියාවට (VIDEO)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් තායිලන්තයට සහ මැලේසියාවට ගොස් ඇති බව පොලිසිය පවසනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ එම රටවල අත්අඩංගුවේ පසුවන අපාරාධ කල්ලි සාමාජිකයින් පිළිබඳව සොයා බැලීම සඳහා එම කණ්ඩායම් පිටත්ව ගොස් ඇති බවයි.

ඊට අමතරව පසුගිය කාලයේ මෙරට සිදුව ඇති අපරාධ පිළිබඳව සහ සිදුකළ මෙහෙයුම්වල ප්‍රගතිය පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළා.

කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කෙහෙල්බද්දර පද්මෙ සහ කොමාන්ඩෝ සලින්ත පිබඳව තවම හරි හැටි තොරතුරක් නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවා.

Share This