පතුරන් 485 ක් , මත්ද්‍රව්‍ය එක්ක මොරටුවෙන් අයෙක් අත්අඩංගුවට

පතුරන් 485 ක් , මත්ද්‍රව්‍ය එක්ක මොරටුවෙන් අයෙක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී – 56 පතරොම් ගැබක් සමඟ සැකකරුවෙකු කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400ක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්, රක්ෂණ සහතිකපත් 15ක් හා ජංගම දුරකථන දෙකක් ද සොයා ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක් වන අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සැකකරුවා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.

 

Share This