පනත ප්‍රකාරව සමන් දේවාලයේ බස්නායක නිලමේ පත් කළා – බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්

පනත ප්‍රකාරව සමන් දේවාලයේ බස්නායක නිලමේ පත් කළා – බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයෙකු පනතට අනුව පත් කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතා පවසනවා

අද(06) රජයේ ප්‍රවෘත්ති ‍දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

එහිදී කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතා සබරගමුව සමන් දේවායේ තනතුරු 2023 ජූලි මාසයෙන් අවසන් වී ඇති අතර පනත ප්‍රකාරව බස්නායක නිලමේ තනතුර සඳහා නැවත වසරක්, දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කළ හැකියි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා හිටපු බස්නායක නිලමේවරයාගේ කාලය වසරකට දීර්ඝ කිරීමට පියවර ගෙන තිබූ අතර ජනපතිවරයාට තවත් වසරක් සඳහා මෙම තනතුර දීර්ඝ කළ හැකි බව සඳහන්

එමෙන්ම පැවති මැතිවරණ කාලසීමාව නිසා තවත් මාස 06කට බස්නායක නිලමේ තනතුරු දීර්ඝ කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ් අනුව පසුගිය දෙසැම්බර් මාසයේ එම කාලයද අවසන් වුණා.

ජනපතිවරයාට නිලමේවරයාගේ කාලය දීර්ඝ කළ හැක්කේ දෙවතාවක් පමණක් වන අතර පනත ප්‍රකාරව දෙවතාවකට වඩා දීර්ඝ කිරීමේ හැකියාවක් නොමැති බවයි ඔහු පැවසුවේ

ඒ අනුව පනතින් පිට කිසිදු කටයුත්තක් සිදු වී නැති බවයි එහිදී අදහස් දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ

Share This