පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (05) දිනයේදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වනවා

ඒ අනුව පෙරවරු 8 සිට දීප ව්‍යාප්තව අඛණ්ඩව වැඩ වර්ජනයක නිරත වීමට නියමිත අතර වර්ජනය අවසන් කරන දිනය පිළිබඳ තීරණයක් නොමැති බවද එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළා

පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බවත් ගැටලුව විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම නොමැති බවත් එම බලමණ්ඩලය පැවසුවා

Share This