පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තොගයක් සමග ඇල්ලූ සැකකරුවන්

පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තොගයක් සමග ඇල්ලූ සැකකරුවන්

පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ප්‍රවාහනය හා සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකා අරලංගවිල කඳවුරේ නිලධාරීන් හා පොළොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්ව ඊයේ (09) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී පොළොන්නරුව කර්මාන්තපුරය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ලොරි රථයකින් ප්‍රවාහනය කරන ලද සැකකරුවෙකු හා පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොළොන්නරුව මහජන සෞඛ්‍යය කාර්යාලය වෙත භාර දී ඇති බව සඳහන්.

සැකකරුවන් 41 හා 51 හැවිරිදි වයස්වල පසු වන පන්නල හා සන්දිවේලි ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

පොල්තෙල් ලීටර් 7,700ක් අඩංගු යකඩ බැරල් 35ක්, පොල්තෙල් ලීටර් 7,920ක් අඩංගු යකඩ බැරල් 36ක් හා පොල්තෙල් ප්‍රවාහනයට යොදා ගන්නා ලද ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Share This