පරිසර ඇමති පරිසරය රකින වැඩපිළිවල ගැන මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ට කියයි

පරිසර ඇමති පරිසරය රකින වැඩපිළිවල ගැන මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ට කියයි

වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට අස්ගිරි, මල්වතු මහනා හිමිවරුන්ගේ ප්‍රසාදය

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ඊයේ (7) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ අස්ගිරින් පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මරතන මහානාහිමියන් අතුලු සංඝරත්නය මුණ ගැසී පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග සහ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

මෙහිදි පරිසර අමාත්‍යවරයා මහනාහිමිවරුන්ගේ අවධානයට යොමු කර ඇත්තේ ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සහ ව්‍යාපෘතින් කිහිපයක් සම්බන්ධවයි.

විශේෂයෙන්ම අලි මිනිස් ගැටුමට හේතු සාධක මෙන්ම එයට ගෙන තිබෙන කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය පවසන්නේ මහානායක හිමිවරුන් වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසාදය පළකළ බවයි.

පරිසර සමතුලිතතාව බිඳවැටෙන ගැටලු සදහා විසඳුම් සෙවිමේදි සාධනීය ප්‍රවේශයන්වල වැදගත්කම ද මහනාහිමිවරුන් පෙන්වා දී තිබෙනවා.

එමනේ ම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා ද හමුවී පෙරහැරට යොදවන අලි ඇතුන් සහ පාරිසරික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගත් බව පරිසර අමාත්‍යාංශය පැවසුවා.

 

 

 

Share This