පවතින ආපදා තත්ත්වය නිසා 13ක් මරුට – 05ක් අතුරුදන්

පවතින ආපදා තත්ත්වය නිසා 13ක් මරුට – 05ක් අතුරුදන්

අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර සහ සුළං හේතුවෙන් සිදුවූ ආපදාවන්ට ගොදුරු වූ පුද්ගල මරණ 13 ක් දින දෙකක් තුළ වාර්තා වී තිබෙනවා.

එම මරණ අතරට කුඩා දැරියන් සිව්දෙනෙක් ඇතුළත් බවයි සඳහන් වන්නේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ එකම පවුලේ පියා ඇතුළු තිදෙනෙක් සහ දැරියක් සමග සිව්දෙනෙක්, දෙයියන්දර ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙක්, යාපනය කයිට්ස් ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරියන් වන දැරියන් දෙදෙනෙක්, ඇහැළියගොඩ ප්‍රදේශයේ දැරියක්, ඇලපාත ප්‍රදේශයේ තරුණියක්, අයගම ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක්, කිරිඇල්ල ප්‍රදේශයේ ඇඟළුම්හල් සේවිකාවක් සහ ගම්පොළ ප්‍රදේශයේ තිදරු මවක් මෙලෙස ආපදාවන්ට ලක්ව පසුගිය පැය 48 තුළ මරණයට මරණයට පත්වුණා.

එමෙන්ම පුද්ගලයින් පස්දෙනකු අතුරුදන්ව ඇති අතර , සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මෙම කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 177ක ජනතාව පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

Share This