පවුම් 10,500කට අලෙවි වූ Harry Potter ග්‍රන්ථය

පවුම් 10,500කට අලෙවි වූ Harry Potter ග්‍රන්ථය

පැන්ස 30 කට මිලදී ගත් ඇදහිය නොහැකි තරම් දුර්ලභ Harry Potter පොතක් වෙන්දේසියකදී පවුම් 10,500 කට අලෙවි වී තිබෙනවා.

මෙම ග්‍රන්ථය Harry Potter and the Philosopher’s Stone හි පළමු සංස්කරණයේ පිටපත් 500න් එකක් වන අතර එය මෙම වසර මුලදී මිය ගිය Staffordshireහි පුද්ගලයෙකු විසින් මිලදී ගත් එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පොතේ හාඩ්බැක් පිටපත හෙවත් ඝනකම් ආවරණයක් සහිත පිටපත සඳුදා ෆ්‍රැඩ්ලි පාර්ක්හි ලිච්ෆීල්ඩ් වෙන්දේසි මධ්‍යස්ථානයේදී රිචඩ් වින්ටර්ටන් වෙන්දේසිකරුවන් විසින් වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙනවා.

ලිච්ෆීල්ඩ් වෙන්දේසි මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව ජයග්‍රාහී ලංසුව ලොස් ඇන්ජලීස් හි ගැණුම්කරුවෙකු විසින් මාර්ගගතව දිනා ඇති බවයි වාර්තා වන්නේ.

පොත පවුම් 3,000 සිට පවුම් 5,000 දක්වා ඇස්තමේන්තු කර ඇත්තේ මෙම පොත බොහෝ ආදරය දිනාගෙන ඇති පොතක් ලෙස ප්‍රසිද්ධ වී ඇති නිසා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This