පවුල් 51 සඳහා ස්ථීර නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක්

පවුල් 51 සඳහා ස්ථීර නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක්

පවුල් 51 සඳහා ස්ථීර නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ පර්චස් දහයක ඉඩම් කොටස් සමග නව නිවාස ලබාදීම සිදුකිරීමට නියමිතව තිබෙනවා

ඒ අනුව නාය යෑම් හේතුවෙන් උන් හිටි තැන් අහිමි වී වසර දෙකක් පුරා පූනාගල මහකන්ද තේ කර්මාන්ත ශාලාවේ ජීවත් වූ පවුල් 51ක් සඳහා නව නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූනාගල කබරගල කොටසේදී සිදු කෙරුණා

පර්චස් දහයක ඉඩම් කොටස සමඟ රුපියල් ලක්ෂ 28ක වියදමින් යුතුව අංගසම්පූර්ණ නිවසක් ඉදිකිරීමට නියමිත අතර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් මූල්‍ය වියදම් දරන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීමට නියමිතයි.

එම අවස්ථවට එක්වෙමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ මේ නිවාස ඉදිකිරීම සඳහා මුදල් තමන්ගේ හෝ වෙනත් කාගේ හෝ පෞද්ගලික මුදල් නොව මහජනතාවගේම බදු මුදල් බවයි

Share This