රටට කිරි එරෙන සැලැස්මක් නාමල් ගෙන්

රටට කිරි එරෙන සැලැස්මක් නාමල් ගෙන්

කිරි පිටි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් වැය කරන ඩොලර් සඳහා නැවතීමේ තිත තැබීම වත්මන් රජයේ අරමුණ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

අද උදෑසන ගොවි ජන මන්දිරයේදී පැවති පශු සම්පත් සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව අවධාරණය කලා.

මෙරට පශු නිශ්පාදනවල ගුණාත්මක සහ ප්‍රමාණාත්මක තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන ඉදිරි පශු සම්පත් සැලැස්ම එළිදැක්වීම අද පෙරවරුවේ කෘෂි කර්ම අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

එම අවස්ථාවට කෘෂි කර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙන්ම ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Share This