පසුගිය මාසය තුළ මොණරාගල රක්ෂිත හතක් ගින්නෙන් විනාශ වෙයි

පසුගිය මාසය තුළ මොණරාගල රක්ෂිත හතක් ගින්නෙන් විනාශ වෙයි

පසුගිය මාසයක කාල සීමාව තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ රක්ෂිත හතක පමණ කැලෑ ගිනි තැබීම් වාර්තා වී ඇති බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පවසනවා.

මොණරාගල,වැල්ලවාය සහ බුත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මෙම කැලෑ ගිනි තැබීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර එම කැලෑ ගිනි නිසා අක්කර අසූවකට වඩා විනාශ වී තිබෙනවා.

මිනිස් ක්‍රියාකාරකම් මත මෙම කැලෑ ගිනි තත්ත්වයන් ඇති වන බවත් මෙම ගිනි ගැනීම් නිසා ඉදිරියේ දී දැඩි නියං කාළගුණ තත්ත්වයන් හා නායයෑම් වැනි දරුණු ආපදා තත්ත්වයන් හට ගැනීමට ඉඩ ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ගිනි ගැනීම් නිසා වන සතුන් විශාල පිරිසක් මියගොස් ඇති අතර රක්ෂිතවල තිබූ ඉපැරැණි ශාක සහ තෘණ භූමි ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා වැඩිදුරටත් පවසන්නේ.

Share This