පහන්තුඩාව වීඩියෝවට සම්බන්ධ තරුණයාට කොවිඩ් – දෙදෙනා ගැන අධිකරණය දුන් තීරණය මෙන්න

පහන්තුඩාව වීඩියෝවට සම්බන්ධ තරුණයාට කොවිඩ් – දෙදෙනා ගැන අධිකරණය දුන් තීරණය මෙන්න

බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල සමීපයේ සිටිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් යුවළ පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව, සැකකරුවන්ට ලබන 16 වන දින අධිකරණයේ පෙනී සිටීමට දැනුම් දී තිබුණා.

අත්අඩංගුවට ගත් තරුණයා කොරෝනා ආසාදිතයකු ලෙසට හඳුනාගෙන ඇති බවත් තරුණිය ද ආශ්‍රිතයකු වීම හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් ඇප මත මුදා හරිමින් ලබන 16 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන්ට දැනුම් දී  ඇති බවත් වාර්තා වනවා.

මහරගම, පමුණුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියෙකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පිනියක මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.

 

Share This