පළමුවරට තායිවානයට එක්සත් ජනපද හමුදා ආධාර අනුමත වෙයි

පළමුවරට තායිවානයට එක්සත් ජනපද හමුදා ආධාර අනුමත වෙයි

විදේශ ආණ්ඩු ඉලක්ක කරගත් ආධාර වැඩසටහනක් යටතේ ප්‍රථම වරට තායිවානයට සෘජු එක්සත් ජනපද මිලිටරි ආධාර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය අනුමත කර ඇති බව බලධාරීහු සඳහන් කරනවා

රාජ්‍ය දෙපාර්තමේන්තුව අඟහරුවාදා(29) කොන්ග්‍රසයට දන්වා සිටියේ එය ඩොලර් මිලියන 80 ක ආධාරයක් බවයි

එය තායිවානයට මෑතකාලීන විකුණුම් හා සසඳන විට කුඩා නමුත්, සාමාන්‍යයෙන් ස්වෛරී රටවලට ප්‍රදාන හෝ ණය ලබා දෙන විදේශ හමුදා මූල්‍ය වැඩසටහන යටතේ තායිවානයට ලැබෙන පළමු ආධාරය සනිටුහන් කර තිබෙනවා

එක්සත් ජනපදයට තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ නිරන්තර උනන්දුවක් ඇති අතර එය කලාපීය සහ ගෝලීය ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා තීරණාත්මක වනු ඇති

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය මෙම ආධාර කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා උපකාරී වනු ඇති යනුවෙන් කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවද සඳහන් වනවා

 

Share This