
පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ඇරඹේ
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා
ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14 වැනි සිකුරාදා අවසන් වුණා
මේ අතර රාමසාන් උත්සවය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අද (31) දිනට අමතරව හෙට (01) දින ද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති අතර හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ